General28 July 2026

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය අද (28) අධිකරණයට රැගෙන එනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත්තා.

මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes