General28 July 2026

ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය ටෙස්ට් සංචිතයේ උප නායකත්වය ලෝකේෂ් රාහුල් විසින් දරණු ඇති.

යෂස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, ධෘව් ජුරල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මානව් සුතාර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ගුර්නූර් බ්‍රාර්, දේව්දුත් පඩික්කල් සහ සරන්ෂ් ජේන් මෙම සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes