General29 July 2026

සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට

මෙරට මගී ප්‍රවාහන සේවාව තවදුරටත් ක්‍රමවත් සහ විධිමත් කිරීමේ අරමුණින් ආනයනය කළ නව මෙට්‍රෝ බස් රථ 106 ක් රැගත් නෞකාවක් අද (29) කොළඹ වරාය වෙත ළගාවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, නැගෙනහිර පර්යන්තය වෙත අද පස්වරුවේ මෙම නෞකාව ළගාවීමට නියමිත බවයි වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම බස් රථවල තාක්ෂණික පරීක්ෂණ සහ ලියාපදිංචි කටයුතු අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මාර්ගවල ධාවනයට එක්කරනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes