උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු රාජ ධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට (29) පැවැත්වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ නික්ලේෂී ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිශය පූජනීයත්වයට පත් ඓතිහාසික කැලණිය රාජ මහා විහාරස්ථාන පුදබිමේදී ය.
දාන, ශීල, භාවනා ආදී පුණ්‍ය ක්‍රියා රැසක් හෙට අලුයම සිට දවස පුරා රාජ පූජිත කැලණි පින්බිමේදී පැවැත්වෙනවා.
මෙම මාහැඟි පුණ්‍ය මහෝත්සවය අසමසම කුසල පාරමිතාවක් බවට පරිවර්තනය කරමින්, පෙර රජ දවස චාරිත්‍රානුකූලව කැලණි පින්බිමට වැඩම කරවන දහසක් වූ භික්ෂූන්වහන්සේ විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව ද හෙට පිරිනැමෙනවා.
කැලණිය පුදබිමේදී මෙවරත් දහසක් භික්ෂූන්වහන්සේ උදෙසා මෙම අසමසම සංඝගත දක්ෂිණාව පිරිනැමෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ දායකත්වයෙන්.
දහසක් වූ භික්ෂූන්වහන්සේ එකම ස්ථානයකට වැඩමවා කෙරෙන මෙම මහා දානමය පිංකම වෙනුවෙන් දිගින් මීටර 300 ක් ඉක්මවූ දාන ශාලාවක් මෙවරත් සකස් වෙනවා.
එය එතෙක් මෙතෙක් මෙරට ඉදිවූ විශාලතම දාන ශාලාව වීමත් සුවිශේෂී කරුණක්.
මෙම මහා දානමය පිංකම සියැසින් දැක අප්‍රමාණ කුසල පාරමිතාවක කොටස්කරුවන් වීමට සැදැහැවත් ඔබටත් හෙට දිනයේ අවස්ථාව හිමිවනවා.
මීට අමතරව හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහනට සමගාමීව හෙට (29) දිනය පුරා ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තවත් ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට නියමිතයි.
විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ අප්‍රමාණ ගුණ කඳම්භය වන්දනා කරමින් සිදු කෙරෙන සත්බුදු වන්දනාව ද හෙට සන්ධ්‍යාවේ සිදුකෙරෙනවා.
අනතුරුව පුෂ්ප පූජාව සහ සුවඳ දුම් පූජාව සමගින් කැලණිය චෛත්‍ය රාජයාණන් ෂඩ්වර්ණ ආලෝකයෙන් බබළවා, කැලණි පුදබිම විදුලි ආලෝකයෙන් සරසවන ඒ මහා ආලෝක පූජාව ද පැවැත්වෙනවා.
මේ මහා උත්තරීතර වන්දාවේ අනුහස් ලැබ කොටස්කරුවෙකු වන්නට ඔබටත් ආරාධනා....

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026