කොලොන්නාවේ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සැළලිහිණි මාවත ඇල සංවර්ධනය හා ඒ ආශ්රිත පාලම්, බෝක්කු, ජල රඳවන තටාක, වැව් සහ කුඩා ඇල මාර්ග පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (28) එහි ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වුණා.
කැලණි ගගේ පහත්බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව භූමි ප්‍රදේශය, සීඝ්‍ර නාගරීකරණය හා ජලාපවහන පද්ධති දීර්ඝ කාලයක් පුරා අවහිරව පැවතීම හේතුවෙන් නිරන්තර ගංවතුර තර්ජිත ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.
ජලාපවහන පද්ධති නවීකරණය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් වැළැක්වීමටත් පූර්ව අනතුරු ඇඟවීම් හා ඉක්මන් ජල බැසයාම් පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් ගංවතුර හානි අවමකර, ඇතිවන ජනපීඩාව සමනය කිරීමත් වෙනුවෙන් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන 10,700 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.
නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල අධීක්ෂණයෙන් මෙම ජල පාලන ව්‍යාපාතිය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.
නියෝජ්‍ය අමාත්‍යවරයා සැළලිහිණි මාවත ඇල මාර්ගයේ අංගොඩ ඉහළ කොටසේ සිට කැලණිමුල්ල පහල කොටස දක්වා කොටසද, ඊට සමගාමීව කැලණිසිරි පාලමට සම්බන්ධිත කිත්සිරිමෙවන් මාවත සහ එහි බේලි පාලම (රා කඩේ පාර සහ පාලම), පෙතියගොඩ කුඩා පාලම, ගොන්ගහවිට කුඩා පාලම, සිරි පැරකුම්බා - ගොඩැල්ල මග පාලම, අංගොඩ මහවත්ත වගුරු බිම් ප්‍රදේශය, කිත්සිරිනුවන් මාවත ඇතුළු ඇල මාර්ග, කුඩා පාලම් සහ ජල බස්නා කාණු පද්ධති ප්‍රතිසංස්කරණයට අදාල සැලසුම් ද නිරීක්ෂණයට ලක් කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
කොලොන්නාවේ ජල පාලන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇල මාර්ග හතරක් පුළුල් කර සංවර්ධනය කිරීමට නියමිතව ඇති අතර, ඒ, දහම්වෙල ඇල (කිලෝමීටර් 3.88), පස්සන්න ඇල (කිලෝමීටර් 4.48), සැලළිහිණි මාවත ඇල (කිලෝමීටර් 3.25) සහ දඞුකොට ඇල (කිලෝමීටර් 0.97) වශයෙන්.
අද (28) දින ක්ෂේත්‍ර පරීක්ෂාවේ යෙදුණු සැලළිහිණි මාවත ඇල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළල මීටර් 13 ක් හා පත්ල මීටර් නවයක් ලෙස පුළුල් කර, වැඩි ජල ධාරිතාවක් රඳවා ගත හැකි ලෙස සංවර්ධනය කෙරෙන බවයි වාර්තා වන්නේ.
ව්‍යාපෘතිය වෙනුවෙන් පළල මීටර් 6.5 ක පුළුල් මාර්ගයක් ලෙස අලුතින් නඩත්තු මාර්ගයක් ඉදිකෙරෙන අතර, එය ජනතා පරිහරණයට සුදූසු ලෙසින් නිර්මාණය කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම අවස්ථාවට කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, එහි මන්ත්‍රීවරුන් වන අමිල රාජපක්ෂ, ශ්‍රීනාත් තේනුවර, කීර්ති රංජිත් වීරසිංහ, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ඉදිකිරීම්) ප්‍රසාද් සිල්වා, එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ඕ. තල්ගස්වත්ත, ඉංජිනේරු හසිනි ලෙනෝරා, ඉංජිනේරු දමින්දිකා ගුණසේකර, ඉංජිනේරු සමෘද්ධි සමරවීර, ඉංජිනේරු සුසන්ත මාපා, ඉංජිනේරු හසන්ත ඇල්ලෙආරච්චි, ඉංජිනේරු පැතුම් හෙට්ටිආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පීන් වන හර්ෂණී සිල්වා, ප්‍රවීන් සමරතුංග ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.
Latest News
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026