දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහරේ ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) සවස 3.30ත් රාත්‍රී 7ත් අතර කාලයේදී සුබ මොහොතින් විදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
මෙම රන්දෝලි පෙරහරේ තේවාභරණ, සධාතුක කරඬුව වැඩමවීම සිදුකෙරෙන අතර, පේළි පෙරහර මෙන් නොව අලිඇතුන් සහ නර්තන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයට පත් මෙම පෙරහරේ හයවන පේළි කාවඩි පෙරහර ඊයේ (28) සවස 2.55ට යෙදුණු සුබ මොහොතින් විදී සංචාරය ආරම්භව රාත්‍රියේ දී අවසන් වුණා.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 1200ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරී වෑවිටවිතානගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 150ක්, බුද්ධි අංශ නිලධාරින් 200ක්, මෙන්ම යුද හමුදා නිලධාරීන් ද ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 1700කට ආසන්න පිරිසකගේ දැඩි රැකවල් මධ්‍යයේ මෙම පෙරහර පැවැත්වෙනවා.
ඊයේ (28) පැවැති කාවඩි පෙරහරේදී කාවඩි කණ්ඩායම් 31ක්, නර්තන කණ්ඩායම් 32ක් සහ අලි ඇතුන් තුන්දෙනෙක් සහභාගී වී ඇති අතර සෑම කාවඩි කණ්ඩායමක් සඳහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඉකුත් 23 වැනිදින පැවැති පළමු පේළි පෙරහැරේ නිල බස්නායක නිලමේවරයා වන ආරච්චිගේ තිළිණ මධුසංක ගමන් කළ අතර අනෙකුත් පේළි පෙරහැරයන් සඳහා බස්නායක නිලමේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු වූ රෝහණ ජයසිංහ බස්නායක නිලමේ වශයෙන් ගමන් කරනු ලැබුවා. අවසන් රන්දෝලි මහා පෙරහැර සඳහා බස්නායක නිලමේවරයා වශයෙන් දෙවිනුවර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නුවන්ජිත් සෙල්ලහේවා ගමන් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
Latest News
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026