ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහාත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහාත් අද (29) සවස 5.00ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පැවසුවා.
සභාපතිවරයා මේ බව පැවසුවේ අද කොළඹ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී පැවැති විශේෂ මහ සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
මෙම මහ සභා රැස්වීම සදහා දිවයින පුරා නීතිඥවරුන් 3,500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සහ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ එක්වූ පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.
මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට පෙර නීතිඥ සංගමය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත්, මෙය අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන දැඩි පහරක් බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.
මාස දෙකක කාලයක් පුරා සංගමය මඟින් මීට විරෝධය පළ කළද, ආණ්ඩුව සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවද හෙතෙම කියා සිටියා.
කෙසේ වෙතත්, අධිකරණ පද්ධතියේ වසර 20-30ක් තිස්සේ පවතින ප්රශ්නකාරී තත්ත්වයන් විසඳිය හැකි ආකාරය ඇතුළත් ලේඛනයක් සකස් කර ඇති බවත්, අද (29) සවස 5 ට අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් සභාපතිවරයා පැවසුවා.
"එතුමාත් අපේ කෙනෙක්. එතුමා ඇමති කෙනෙක් නොවී නීතිඥ සංගමයේ සභාපති වුණානම් එතුමා මීට වඩා කෑ ගහන්න ඉඩ තිබුණා" යැයිද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ආණ්ඩුව ගෙන ඇති මෙම බුද්ධිමත් නොවන තීරණය වහා නැවැත්විය යුතු අතර, එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතු බවත්, මෙයින් අධිකරණ පද්ධතියට එල්ල වන ප්රහාරයක දීර්ඝකාලීන ප්‍රතිවිපාක බරපතල විය හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශ්‍රී ලංකා සංගමයේ සභාපතිවරයා මෙසේද පැවසුවා.
"ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වනවා. අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව ගෙන ඇත්තේ, බුද්ධිමත් නොවන තීරණයක්. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක්. අපි ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නාවා. මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නවා.
ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක්. මෙය නැවැත්විය යුතුයි. මෙමගින් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකියි. ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මෙම අමුතු යෝජනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අපහසුතාවයට පත්වීමට සිදුවනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ විනිසුරුවන් අපහසුතාවයට පත්නොකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ද සැලකිලිල්ලට ගෙන මෙය නැවැත්විය හැකියි. එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතුයි.”
ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක්. මෙය නැවැත්විය යුතුයි. මෙමගින් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකියි. ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මෙම අමුතු යෝජනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අපහසුතාවයට පත්වීමට සිදුවනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ විනිසුරුවන් අපහසුතාවයට පත්නොකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ද සැලකිලිල්ලට ගෙන මෙය නැවැත්විය හැකියි. එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතුයි.”
කිසිදු මඩ ප්‍රහාරයකින් හෝ බලපෑමකින් තමන් නොසැලෙන බවත්, නීති ක්ෂේත්රයේ සියලු දෙනා අත්වැල් බැඳගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියා.
මෙම විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, දයාසිරි ජයසේකර සහ මදුර විතානගේ යන නීතිඥවරුන් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදාළ යෝජනාවට එරෙහිව සිය අදහස් ප්‍රකාශ කළා.
Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.59යි
Local
30 July 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පාකිස්තාන ව්‍යාපාරිකයන්ට 'නිහඬ වීසා තහනමක්
Local
30 July 2026
බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට එරෙහි රිට් පෙත්සම ඔක්තෝබර් 02 දිනට කල් යයි
Local
30 July 2026
විපක්ෂ නායක සජිත් සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් හමුවෙයි
Local
30 July 2026
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් රත්න ශ්‍රී විජේසිංහ ඉල්ලා අස්වෙයි
Local
30 July 2026
රුමේෂ් තරංග අද පොදු රද මඬුලු තරග බිමට
Local
30 July 2026
නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවයි
Local
30 July 2026
නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Local
30 July 2026
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්
Local
30 July 2026
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026