General30 July 2026

ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට 50 mmට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes