පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ප්‍රධාන රජයේ රෝහල්වල පවතින දැඩි වෙන්ටිලේටර් හිඟය හේතුවෙන් එහි දැඩි සත්කාර ඒකක සියල්ලම පාහේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව එරට ජනමාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් අතිශය අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් රැසක් අර්බුදයකට මුහුණ පා සිටින අතර, එය පාකිස්ථානයේ මහජන සෞඛ්‍ය පද්ධතියේ පවතින බරපතල අඩුපාඩු නැවතත් අනාවරණය කර දී තිබෙනවා.
මෙම අර්බුදය කෙරෙහි දැඩි අවධානයක් යොමු වූයේ පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අබිඩ් රාසා කස්මි අවාසනාවන්ත ලෙස මියයාමත් සමගින්.
අංශභාග තත්ත්වයකට ගොදුරු වූ ඔහුට වහාම ජීවිත ආධාරක සපයන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළද, අදාළ දැඩි සත්කාර ඒකකයේ තිබූ වෙන්ටිලේටර් 12ම ඒ වනවිටත් රෝගීන්ගෙන් පිරී පැවති බවයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ පවුලේ පිරිස ඔහුව පෞද්ගලික රෝහලකට මාරු කිරීමට උත්සාහ කළද, එම පියවර ගැනීමටත් පෙර ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ (PIMS) විධායක අධ්යක්ෂ වෛද්‍ය රානා ඉම්රාන් සිකන්දර් පවසන්නේ, රෝහලේ වෛද්‍ය, ශල්‍ය, ළමා සහ අලුත උපන් බිළිඳු දැඩි සත්කාර ඒකක පුරා වාතාශ්රකය (Ventilator) 90 කට අධික සංඛ්‍යාවක් ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන් සෑම එකක්ම පාහේ සෑම විටම රෝගීන්ගෙන් පිරී පවතින බව ඔහු සඳහන් කරන අතර, ස්නායු රෝග සහ පෙනහළු රෝග අංශවල ප්‍රතිකාර ලබන රෝගීන්ට දින 20 ක පමණ කාලයක් පුරා වාතාශ්රකය යන්ත්‍ර භාවිත කිරීමට සිදුවන බැවින්, අලුතින් පැමිණෙන හදිසි අසාධ්‍ය රෝගීන් සඳහා ඇඳන් නොමැති වන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
හදිසි අවස්ථා සඳහා පැමිණෙන කිසිදු රෝගියෙකු ප්‍රතික්ෂේප නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන PIMS රෝහල වෙත පාකිස්ථානය පුරා ප්‍රදේශවලින් රෝගීන් ඇදී එනු ලබන අතර, එහි පවතින ඇඳන් 1,400 ම නිරන්තරයෙන් පිරී පැවතීම හේතුවෙන්, දැඩි සත්කාර ඒකකවල ඉඩකඩ ලැබෙන තෙක් අතිශය අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට පවා ට්‍රොලියක් මත තබා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට නිරන්තරයෙන් සිදුව ඇතැයි වැඩිදුරටත් ඔහු සඳහන් කළ බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Latest News
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරිය නාවික හමුදාපති හමුවෙයි
Local
30 July 2026
නල්ලතන්නිය ත්‍රීරෝද රථ අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවියක් මරුට
Local
30 July 2026
හිරු CIA අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
Local
30 July 2026