උතුරු අප්‍රිකානු වෙරළ තීරයේ පිහිටි ස්පාඤ්ඤයට අයත් සෙයුටා (Ceuta) බාහිර පාලන ප්‍රදේශයට මොරොක්කෝවේ සිට මුහුද හරහා දහස් සංඛ්‍යාත නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ රජය විසින් හමුදා භටයන් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
මුහුද හරහා පිහිනා ඒමට උත්සාහ කිරීමේදී අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ගිලී මියගොස් ඇති අතර, දේශසීමා පාලනය මුළුමනින්ම පාහේ බිඳ වැටීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවකට අනුව, මුහුදේදී අත්අඩංගුවට ගන්නා සංක්‍රමණිකයන් සෘජුවම නැවත මොරොක්කෝවට පිටුවහල් කළ නොහැක.
ඒ අනුව, මිනිස් ජාවාරම්කරුවන් මෙම නීතිමය තත්ත්වය අවස්ථාවක් කරගනිමින් සංක්‍රමණිකයන් මෙලෙස යොමු කර ඇති බවට ස්පාඤ්ඤ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනා කරනවා.
සෙයුටා ප්‍රදේශයට අමතරව අසල පිහිටි මෙලිලා (Melilla) ස්පාඤ්ඤ පාලන ප්‍රදේශයට ද මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ඇතුළු වී ඇති අතර, දෙපිරිස අතර පැවැති නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ද හටගෙන තිබෙනවා.
මෙම අර්බුදය හේතුවෙන් යුරෝපය තුළ දේශපාලනික උණුසුමක් නිර්මාණය වී ඇති අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) ප්‍රකාශ කර සිටියේ ස්පාඤ්ඤය සමඟ පවතින විවෘත දේශසීමා පිළිබඳ "ෂෙන්ගන් ගිවිසුම" (Schengen agreement) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
පාලනයකින් තොරව සිදුවන මෙවැනි නීති විරෝධී සංක්රමණයන් යුරෝපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඇය වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත්, ඉතාලියේ මෙම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දුටු ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය හොසේ මැනුවෙල් අල්බාරෙස් (José Manuel Albares), සංක්‍රමණික අර්බුදය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත්, මිත්‍ර රටකින් මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත් සඳහන් කරමින් ඉතාලි තානාපතිවරයා කැඳවා සිය විරෝධය පළ කර තිබෙනවා.
මූලාශ්‍රය - බීබීසී

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026