ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට ප්‍රවේශ පහසුකම් සපයන රත්මලාන කඳවල මාර්ගය සහ එහි දෙපස කාණු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අද (31) දින බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අහමැතිවරිය මේ බව සඳහන් කළ බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
වසර ගණනාවකින් නිසි නඩත්තුවක් සිදු නොවීම සහ පවතින අවහිරතා හේතුවෙන් වර්ෂා කාලයේදී අදාළ මාර්ගය සහ දෙපස ගොඩනැගිලි නිරන්තරයෙන් ජලයෙන් යටවන බවත්, එමගින් ප්‍රදේශවාසීන්, ආයතනවල සේවකයන් සහ සේවාලාභීන් දැඩි අපහසුතාවට පත්වන බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
වැසි ජලය බැසයාමට බාධා වන පරිදි සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, කානු පද්ධතිය නිසියාකාරව නඩත්තු නොකිරීම, පවතින බෝක්කු හා පාලම් ප්‍රමාණවත් නොවීම මෙන්ම භූගත ජල මට්ටම පොළොව මතුපිටට ඉතා ආසන්නයෙන් පිහිටීම ඇතුළු කරුණු කිහිපයක් මෙම ජල ගැලීම්වලට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, අදාළ ඉඩම්වල අයිතිය පිළිබඳ ගැටලු සහ ඇළ මාර්ග නඩත්තු කළ යුතු ආයතන නිවැරදිව හඳුනා නොගැනීම මෙම අර්බුදයට බලපා ඇති බැවින්, පටු ආයතනික සීමාවල නොසිට සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ඉදිරිපත් කෙරෙන අවසාන සැලසුමට ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව ඇය අවධාරණය කර තිබෙනවා.

Latest News
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
Local
02 August 2026
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
Local
02 August 2026
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026