පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (31) මරණ දඬුවම නියම කළා.
විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව ලබාදෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 268 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්තිවාචක කැඳවන ලෙස නියෝග කළා.
ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිවාචක කැඳවමින් නඩුව යළි විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ පස්වරුවේයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ අනුව අධිකරණයට පැමිණ සිටියා.
ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පිළිබඳ නඩු තීන්දුව පළමුව ප්‍රකාශයට පත් කළා.
එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා"
ඒ අනුව වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඩනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළා.
මෙහිදී සුළුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් වීරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.
අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අදාළ තීන්දුව ද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ සභාපති ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දුට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවයි.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ." යනුවෙන් විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළා.
සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.
ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා පැවසුවා.
කෙසේ වෙතත් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දුට ද මරණීය දණ්ඩනය පනවනු ලැබුවා.
අනතුරුව, පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

Latest News
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026