කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටි තොගයෙන් එක් කන්ටේනර් පෙට්ටියක් බෙන්තොට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ඉඳුරුව අතුරුවැල්ල වෙරළ තීරයට අද (02) උදෑසන ගොඩගසා ඇතැයි බෙන්තොට පොලිසිය පවසනවා.
මේ වන විට අතුරුවැල්ල ප්‍රදේශයට ගොඩගසා ඇති කන්ටේනර් පෙට්ටිය ආසන්නයට මහජනතාවට ළං නොවන ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ.
කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබුණා.
අදාල බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54' සහ නැගෙනහිර දේශාංශ 079° 32' ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී බව සඳහන්.
පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මෙම බහාලුම් මේ වන විට හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නාවික අංශ පෙන්වා දෙනවා.
මෙම බහාලුම් යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් යාත්‍රා මෙහෙයවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙසද ධීවරයන්ට දන්වා තිබෙනවා.
යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත හා පොලිසියට දැනුම් දීමට කටයුතු කරන ලෙස සියලුම ධීවර කාර්මිකයන්ගෙන් බලධාරින් ඉල්ලා සිටිනවා.
Latest News
ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026