General02 August 2026

විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී කොටු

චෙන්නායි සිට දිවයිනට පැමිණි විදේශීය ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 59කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

චෙන්නායි සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට ආ වයස අවුරුදු 40 ක් වන විදේශීය ජාතිකයා‍ගේ ගමන් මලු දෙකක් ගුවන්තොටුපොළේ හරිත වර්ණ නාලිකාව (Green Channel) හරහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් සැක මත පරීක්ෂාවට ලක් කර තිබුණා.

එහිදී සැකකරුගේ ගමන් මලු තුළ සඟවා ගෙන තිබී විදේශීය දුම්වැටි කාටන් 197 ක් (දුම්වැටි ස්ටික් 39,400 ක්) සොයාගෙන ඇති අතර, එහි දළ වටිනාකම රුපියල් 5,910,000 ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර, නීතිවිරෝධී ලෙස සිගරට් තොගය රැගෙන ඒම සම්බන්ධයෙන් සැකකරුගෙන් රුපියල් 250,000 ක දඩ මුදලක් අය කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදා හැරීමට කටයුතු කර ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes