චෙන්නායි සිට දිවයිනට පැමිණි විදේශීය ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 59කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.
චෙන්නායි සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට ආ වයස අවුරුදු 40 ක් වන විදේශීය ජාතිකයාගේ ගමන් මලු දෙකක් ගුවන්තොටුපොළේ හරිත වර්ණ නාලිකාව (Green Channel) හරහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් සැක මත පරීක්ෂාවට ලක් කර තිබුණා.
එහිදී සැකකරුගේ ගමන් මලු තුළ සඟවා ගෙන තිබී විදේශීය දුම්වැටි කාටන් 197 ක් (දුම්වැටි ස්ටික් 39,400 ක්) සොයාගෙන ඇති අතර, එහි දළ වටිනාකම රුපියල් 5,910,000 ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර, නීතිවිරෝධී ලෙස සිගරට් තොගය රැගෙන ඒම සම්බන්ධයෙන් සැකකරුගෙන් රුපියල් 250,000 ක දඩ මුදලක් අය කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදා හැරීමට කටයුතු කර ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.
Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 102.73 කින් ඉහළට
Local
06 August 2026
එල් නීනෝ තත්ත්වය හමුවේ මොණරාගල ජනතාවට අඛණ්ඩව ජලය ලබාදීමට වැඩපිළිවෙළක්
Local
06 August 2026
රට වෙනුවෙන් පොදු රද මඩුලු රන්-රිදී දිනූ පුතුන්ට ඩයලොග් උපහාර
Local
06 August 2026
''දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ, විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න'' - දිනන දකුණ
Local
06 August 2026
13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයකුට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
06 August 2026
පාකිස්තානය දැවැන්ත ජල අර්බුදයක
Local
06 August 2026
ප්‍රදේශ රැසකට හෙටත් මි. මී 100 ඉක්මවූ වැසි
Local
06 August 2026
ඉරානය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
Local
06 August 2026
හැටන් ඩිපෝවේ ආදායමට හරස් වු කාලගුණය
Local
06 August 2026