කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් පුද්ගලයන් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලීම් සහ විවිධ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වන බවට තොරතුරු වාර්තා වෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාකාරකම්වලට හසු නොවී සිටින ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කරනවා.
ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් ඇමතුම් ලබාදෙන කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන්, පුද්ගලික තොරතුරු හෝ නිල ලේඛන හුවමාරු කරගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ඉල්ලා සිටිනවා.
යම් හෙයකින් එවැනි සැකකටයුතු දුරකථන ඇමතුම් හෝ පණිවිඩ ලැබෙන්නේ නම්, ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානයට හෝ අදාළ වගකිවයුතු අංශ වෙත දැනුම් දෙන ලෙසත්, මෙවැනි සංවිධානාත්මක වංචාවලට හසු නොවී නිරන්තර අවධානයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Latest News
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට තීරණය කරයි
Local
02 August 2026
මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට
Local
02 August 2026
මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
Local
02 August 2026
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 August 2026
නි. ඇමති චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් මුදල් වංචා කිරීමේ තැතක්: නි. ඇමතිගෙන් සමාජ මාධ්‍ය අනතුරු ඇඟවීමක්!
Local
02 August 2026