ආන්දෝලනයට තුඩු දුන් මහර බන්ධනාගාර සිද්ධියට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළට රහසිගතව මත්ද්‍රව්‍ය පැමිණීමේ ජාලය සම්පූර්ණයෙන් අඩාල වීමද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඇතැම් රැදවියන් කලහකාරී ලෙස හැසිරී අතර එම සිද්ධියත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි.
මේ අතර, මහර බන්ධනාගාරය තුළ පැය 12කට අධික කාලයක් පැවැති නොසන්සුන්තාව පාලනය කිරීමෙන් අනතුරුව ගැටුමට මුල් වූ බවට සැකකෙරෙන රැඳවියන් 104 දෙනෙකු ඊයේ (02) වෙනත් බන්ධනාගාර වෙත මාරු යැවුණා.
රැඳවියන් මහර බන්ධනාගාරයේ දේපළ රැසකට හානි කර ඇති අතර, එහි ප්‍රධාන ජේලර් කාර්යාලය හා බන්ධනාගාර රෝහල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබුණා.
නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද ඊයේ ඉවත් කිරීමටයි පොලිසිය පියවර ගත්තේ.
මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගිය අතර, තුවාල ලැබූ රැඳවියන් 9 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එලෙස මියගොස් තිබුණේ වත්තල හැදල ප්‍රදේශයේ පදිංචි දමිත් මදුසංක නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු යතුරුපැදි සොරකමක් හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අයෙකු වනවා.
සාතන්, අසාර්, පැට්ටා යන අන්වර්ථ නම්වලින් හඳුන්වන රැඳවියන් ඇතුළු 10 දෙනෙකු මෙම නොසන්සුන්තාවට මුල්ව ඇති අතර, ඔවුන් ද ඇතුළුව රැඳවියන් 104 දෙනෙකු ඊයේ දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාර වෙත මාරු කර යැවුණා.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් දේපළ හානි සිදුවීම නිසා අද සිට දින 3ක් අමුත්තන්ට රැඳවියන් බැලීම සිදුනොකරන බවට මහර බන්ධනාගාර අධිකාරීවරයාගේ අත්සනින් යුත් නිවේදනයක් බන්ධනාගාර පිවිසුම අසළ ප්‍රදර්ශනය කර තිබෙනවා.
එමෙන්ම, මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ.
එවන් පසුබිමක ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ එම පරිශ්‍රයට පැමිණ තිබුණා.

Latest News
ආදිත්‍ය නාරායන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරයි
Local
04 August 2026
''අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එපා'' - සජිත් ප්‍රේමදාස
Local
04 August 2026
ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට
Local
04 August 2026
BJ Auto වාහන සේවා මධ්‍යස්ථානය රත්මලානේදී විවෘත කරයි
Local
04 August 2026
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි
Local
04 August 2026
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා නිමාවෙයි
Local
04 August 2026
පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට
Local
04 August 2026