අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද (03) දැනුම් දුන්නා.
එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම සලකා බැලූ අතර මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වැනිදා සිදු කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නා.
මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසු වන ‘හරක් කටා’ නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් මිනිසුරුවරයා නියෝග කළා.
Latest News
චීනයෙන් චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
Local
05 August 2026
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතුරුදන්
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් එක්දින නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
Local
05 August 2026
ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන් ප්‍රධාන කණ්ඩායමක් Jaffna Kings කණ්ඩායම මිලදී ගනියි
Local
05 August 2026
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව සැප්තැම්බර් 28 විභාගයට
Local
05 August 2026
මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයට නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
05 August 2026
කඩුවෙලදී සුඛෝපභෝගී බස් රථයකට ගිනි තබයි
Local
05 August 2026
මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම ගැන පාර්ලිමේන්තු විවාදය අද
Local
05 August 2026
රුමේෂ් අද ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට
Local
05 August 2026