General03 August 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් : රජීව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කළා.

ඒ අනුව, අධිකරණ ක්ෂේත්‍රයේ අභිමානය සහ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම සලකා බලමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙසයි මහා නායක හිමිවරුන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

විනිසුරු මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය ඇතුළු විවිධ පාර්ශ්වයන් අතර දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes