General03 August 2026

නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී

පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර 19 වන ජාතික ආරක්ෂක බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් අද (03) පස්වරුවේ සොයා ගත්තා.
 
එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පස්වරු 1:30ට පමණ එම නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ නිවසේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිට ඇති බවත් පොල්පිටිය පොලිසිය පවසනවා.

සෙසු සිරුරු සොයා යුධ හමුදා භට පිරිස් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes