General03 August 2026

පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්

දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙනවා.

ගාල්ල සිට සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එබැවින්, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනවා.

මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන්.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.

මේ අනුව ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes