දෙහිවල කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසලදී බේකරි හිමිකරුවෙකු ඉලක්ක කර අද (04) රාත්‍රීයේ වෙඩි තැබීමට කළ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පවසන පරිදි, රාත්‍රී 8.10 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු මෙම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත්, වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවී යාම හේතුවෙන් බේකරි හිමිකරු වහාම ක්‍රියාත්මක වී වෙඩික්කරු සමඟ පොරබැඳ ගිනි අවිය සිය භාරයට ගැනීමට සමත්ව තිබෙන අතර මෙම පොරබැඳීම අතරතුර බේකරි හිමිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.
මෙම සිදුවීම පිටුපස පවතින පසුබිම අනාවරණය කරමින් පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධියට ඉලක්ක වූ බේකරි හිමිකරුගේ පුත්‍රයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "කොස් මල්ලි" නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවත්, ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින බවයි.
මූලික විමර්ශනවලට අනුව මෙම වෙඩි තැබීමට පැමිණ ඇත්තේ "සැන්ඩෝගේ පාර්ශවය" හෝ "බඩෝවිට අසංක පාර්ශවය" යන පාර්ශ්වයකට අයත් පිරිසක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.
පලා ගිය වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

Latest News
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
Local
07 August 2026
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026
ඉරානයට එරෙහි යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්
Local
07 August 2026
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
Local
07 August 2026