General05 August 2026

අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි

ඉරානය පිළිගැනීමට අකමැති වුව ද දෙපාර්ශ්වය අතර නව වටයේ සාකච්ඡා ඉතා යහපත් මට්ටමෙන් සිදුකෙරෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙවන් පසුබිමක ඕමානය සමඟ පවතින සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මුහුදු මාර්ගයේ ආරක්ෂිත පැමිණීමේ සහ පිටවීමේ නාවුක මාර්ග තීරණය කිරීමේ තාක්ෂණික හා දේශපාලන යාන්ත්‍රණයන් පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවයි.

මේ අතර, ඉරානය සමඟ මාස පහක් පුරා පවතින යුද්ධයේදී අමෙරිකාව සතු ඉතා නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කර අවසන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙමගින් අනාගත යුද ගැටුම් සඳහා අයහපත් තත්ත්වයක් උදාකරනු ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes