General07 August 2026

ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්

2026 වසරේ 05 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර, විභාගය සදහා ඉදිරිපත් වන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 294,089ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියා.

එසේම 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර, එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.
Related recommendation
Hiru TV News | Programmes