General08 August 2026

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්

විභාග මධ්‍යස්ථාන 2,723කදී හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියළු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළා.

ඒ සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 294,089ක්.

විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, විභාග ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි.

එමෙන්ම, ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් 0113 - 66 81 19, 0113 - 66 8026, 0113 - 66 80 32 හා 0113 - 66 80 87 යන දුරකතන අංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes