General12 August 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවට නීතීඥ සංගමය අද ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවනවා.

පස්වරු 1.00ට ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය කියා සිටියේ.

මේ අතර, විනිසුරු වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහා නා හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් ඉදිරිපත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
Related recommendation
Hiru TV News | Programmes