General12 August 2026

දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

පසුගිය දිනවලදි දෛනිකව දහසකට ආසන්න ඩෙංගු රෝගීන් වාර්තා වුව ද එහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව, මේ වනවිට දෛනිකව රෝගීන් 200 ත් 300 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.

වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,625 ක් වන අතර වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 65 ක්.

වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගතවූ මාසයේ වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes