ත්‍රෛනිකායික මහා නාහිමිවරු රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම් දීම, අතීතයේ සිට සිදු කළ දෙයක් වන අතර එම දැනුම් දීම ලද බවට නාහිමිවරු වෙත පිළිතුරු යොමු කිරීම පිළිවෙත වූවද, විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහා නා හිමිවරු තම මතය ජනාධිපතිතුමන් හට ලිඛිතව දැනුම් දුන්නද, අදාළ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු හෝ පිළිතුරක් පවා නොලැබීම කණගාටුදායක තත්ත්වයක් බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසනවා.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් අද (12) මහනුවරට පැමිණ මල්වතු මහා නා හිමියෝ බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නා හිමියන් පවසා සිටියේ මෙවැනි අදහසක්.
'' මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.
රටේ යම් ගැටලුවක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය විසින් රාජ්‍ය පාලකයෝ හට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීම රජ දවසේ සිට සිදු වූ දෙයක්. අවවාද අනුශාසනා ලබාදීම අප සාමාන්යෙන් සිදු කරනා දෙයක්. නමුත් දැන් සිදුවන දේවල් අපටත් ප්‍රශ්නයක්. මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිතුමන් හට ලිපියක් නොලද බව ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පවා පවසන අයුරු අපි දැක්කා.
කිසි කෙනෙක් මේ දක්වා කිසිදු අවස්ථාවක කිසිදු වැදගත් විෂයකට රටට ගැලපෙන ස්ථිර ප්‍රතිපත්තියක් හදන්නේ නෑ. යම් යම් විෂය කරුණු පිළිබඳ ප්‍රතිපත්ති හැදුවම ඊළඟට එන ආණ්ඩුව ඒවා අහෝසි කරනවා. ඕක තමයි තත්ත්වය. රට හැමදාමත් එක තැන තමයි. කිසිදු විෂයක් සම්බන්ධයෙන් රටට ගැලපෙන ස්ථීර ප්‍රතිපත්ති නෑ. එන අය හදන්නෙත් නෑ. තමන්ට අවශ්‍ය විදියට තමන්ට වාසි සැලසෙන විදියට තමයි වැඩ කරන්නේ. මේ කිසි කෙනෙක් විපක්ෂයේ ඉන්නකොට කියන දේවල් බලයට ආවට පසුව කරන්නේ නෑ. අමතක වෙනවා.
අද මේ රටේ අධ්‍යාපනය ගැන බැලුවොත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉස්සර නම් උසස් පෙළ, සාමාන්‍ය පෙළ විතරයි උපකාරක පන්ති තිබුණේ. දැන් එක වසරේ ඉඳලා උපකාරක පන්ති. පඳුරක් පඳුරක් ගානේ උපකාරක පන්ති. ඒ වගේම හැම තැනම විවිධ විශ්වවිද්‍යාල, ඉස්සර තිබුණේ රජයේ ඒවා විතරයි. රට ලෝකය වෙනස් වෙනකොට ඉදිරියට යන්න ඕනේ තමයි. නමුත් රටේ සභ්‍යත්වය, සදාචාරය සංස්කෘතිය විනාශ කරගෙන යන්න හොඳ නෑ. මේ අධ්‍යාපන ක්රමයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි. අද රජයේ පාසල්වල ඉහළ පන්තිවලට උගන්වනවද නැද්ද කියන්නවත් අපි දන්නේ නෑ. පෞද්ගලික උපකාර පන්තිවල තමයි දරුවෝ ඉන්නේ. මේවට නියාමනයක් නෑ. ඒ පාසැල් වල උගන්වන ගුරුවරුම ඇතැම් විට පුද්ගලික උපකාරක පන්තිවල උගන්වනවා ඕක තමයි තත්ත්වය. කාලයක් තිස්සේ අධ්‍යාපන ක්රමයේ අවුලක් තියෙනවා.
අද ළමයි දහම් පාසල් යන්නේ නෑ. ඉරිදාටත් පෞද්ගලික උපකාරක පන්ති තියෙන නිසා. අපි මොන තරම් කාලයක් තිස්සේ වගකිව යුත්තන්ට මේ පිළිබඳව දැනුවත් කරලා තිබෙනවාද. ඉරිදාට උපකාරක පන්ති අවශ්‍ය නෑ කියලා. එහෙම නැත්නම් උදේ වරුවේ අවශ්‍ය නෑ කියල. කිසිම රජයක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කලේ නෑ. නව ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් රටකට රටේ ඉදිරි පරපුරට සාරධර්ම, සදාචාරය, සංස්කෘතිය, අපේ උරුමය වගේම සිරිත් විරිත් ගැන දැනුමක් ලබා දෙන්න ඕනේ.
ඒ වගේම තමයි අද වෙළඳපලේ තිබෙන බහුතරයක් අටපිරිකර කිසිම ප්‍රමිතියක් නෑ.. මේ ගැන අපි අදාල වගකිවයුතු අයට කොතෙක් සඳහන් කළත් කිසිම වැඩක් වුණේ නෑ. අපට පේන විදියට බහුතරයක් අනවශ්‍ය දේවල් පිළිබඳ විතරයි අවධානය යොමු වෙන්නේ. අද බොහෝ තැන්වල ප්‍රශ්න, රටේ ගොවි ජනතාව බරපතල ආකාරයේ ගැටළු වලට මුහුණ පාලා ඉන්නවා, ඒ අය එක්ක කතා කළොත් රටේ ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්.
මෙම අවස්ථාවට සහභාගී වූ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා ප්‍රකාශකර සිටියේ ලෝකයේ බොහෝ රටවල විනිසුරුතුමන්ලාගේ කාලය වයස අවුරුදු 60 වඩා දීර්ඝ වන බැවින් පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවේද එම කාලය දීර්ඝ කිරීමේ ගැටලුවක් නොමැති බවයි.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026