වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය හෙට (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පෙරවරු 11.00 ට මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, විකිරණ ශිල්පී අනුස්ථාපන සමායෝජන පුහුණුව සඳහා 64 දෙනෙකු බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරන බවයි සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කළේ.
රෝහල් පද්ධතිය තුළ පවතින කාර්ය මණ්ඩල හිඟය අවම කරමින් රෝගී සත්කාරක සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමත්, විධිමත් පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමත් මෙම නව බඳවා ගැනීම්වල මූලික අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය මානව සම්පත ක්‍රමානුකූලව සංවර්ධනය කරමින් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ වන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026