හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට මරණ දඬුවම හිමිවූයේ නීති විරෝධී නොකරහැරීමට
අනුබල දීමේ චෝදනා මත බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි නොකරහැරීමට අනුබල දීම සම්බන්ධ චෝදනා 855කට
අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් විත්තිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ඉල්ලා සිටි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''අලුත් නීති හැදෙනවා. අලුත් නීති සංකල්ප බිහි වෙනවා. නමුත් ඒවා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. අපේ අම්පාරෙ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්ට ඒ නෛතික සංකල්පය දන්නවද? ඔහුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුනොත් මෙහෙමයි ගන්න පුළුවන් ප්රතිකර්මය කියලා ඒක රටේ ඉහළම අධිකරණය තීරණය කරලා තියෙනවා දන්නවද, මාධ්‍යයෙන් යනවද හරි විරලයි. එතකොට නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ බරපතල ප්‍රශ්නයක් මගේ පුද්ගලයගේ මතය මා දකිනවා. දැන් මීට සති දෙකකට ඉස්සෙල්ලා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් විසින් නඩු තීන්දුවක් දෙනවා . මේ නඩු තීන්දුවේ තියෙනවා සුවිශේෂත්වයක්. ඒ සුවිශේෂත්වය තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරී නොසැලකිල්ල. අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ වගේ නඩුවක් ගොනු කළේ. නීති විරෝධය නොකරහැරීමකින් අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාටත්, හිටපු පොලිස්පතිවරයාටත් අපි අධිචෝධනා 855ක් ගොණු කරා.
එතකොට මරණ දඬුවම තමයි අපි ඒකෙන් ඉල්ලා සිටියේ. මේකේ හිටපු පොලිස්පතිවරයාගේ පැමිණිල්ල මෙහෙය වූයේ මමයි. ඒකෙදී තොරතුරක් එන්නේ හතරවෙනිදා, ඒ හතරවෙනිද එන තොරතුරු ඔහුට සන්නිවේදනය කරනවා රාජ්‍ය බුද්ධි ප්‍රධානී විසින් ලිඛිතවම අප්‍රේල් 09 වෙනිදා 2019. ඒ අප්‍රේල් නමවෙනිදා එන ලිඛිත පණිවිඩේ පොලිස්පතිවරයා පාර්ශවයන් 04කට යවනවා.
ඔහු දාන්නේ එක සටහනයි. එෆ්එන්ඒ (සුදුසු කටයුතු පිණිස) එතකොට ඉෆ්එන්ඒ කියලා යවන්න ඔබතුමන්ලත් යවනවා නම් එය සම්පූර්ණයෙන් නැවැත්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ තොරතුරක් සම්බන්ධයෙන්. ඒ නිසා මේ නීති විරෝධී නොසලකා හැරීම සම්බන්ධයෙන්. මේ නඩුව මා දන්නේ නැහැ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කුමක්ද වෙන්නේ කියලා. නමුත් අධිකරණයක් මග පෙන්වීමක් කරලා තියෙනවා. අධිකරණය මොකක්ද කියන්නේ? මේ අනුව එෆ්එන්ඒ ලෙස භාවිතා කරන්නේ විශේෂ අවධානය යොමු කළ යුතු නැති පහළ නිලධාරීන්ගේ අභිමතය ක්‍රියාත්මක වීම සඳහා පමණි. එතකොට ඔබ දෙනවා නම් ඒ අභිමතය එෆ්එන්ඒ කියලා දාලා පල්ලෙහ නිලධාරීන්ට කටයුතු කරන්න. ඒ නොකරහැරීමෙන් යම්කිසි අපරාධයක් සිද්ධ වුනොත් ප්‍රථම වගකීම වෙන්න ඔබටයි.
දැන් මම භාරව ඉන්නවා එෆ්සීඅයිඩී කියලා ආයතනයක්. දැන් මේ අංශයට එන්නේ දේශපාලඥයන් විසින් විවිධ කාල වකවානුවල කළ වංචා සහ දෝෂණ අපරාධමය චෝදනාවන්. ඒ ගොණුවලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ තීරණ ගැනීමේ කටයුත්ත බොහෝමයක් කරලා තියෙන රාජ්‍ය නිලධාරීන් විසින්. කිසිම දේශපාලඥයෙක් තමුන්ගේ සටහනක් පවා එම ලේඛනවල නොතබන්න ප්‍රවේශම් වෙලා තියෙනවා. එතකොට ඔබට දෙනවා නම් නීති විරෝධී නියෝගයක්. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගත යුත්තේ අපි. එසේනම් ඒ උපදෙස් ලැබුණේ කාගෙන්ද? කවුද ඒක ප්‍රකාශ කරේ කියලා සටහන් කරන්න කිසිදු ආකාරයක පැකිලීමක් තියෙන අවශ්‍ය නැහැ.
දැන් මේ රටේ අපරාධ පසලීමේ ක්‍රියාවලිය පහසුද, එය අතිශයම අභියෝගාත්මකයි. මේ සමාජය වින්දිතයොත් එක්ක නෑ. මේ සමාජය ඉන්නේ බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක මූල්‍ය අපරාධ කරන වංචනිකයන් කියන්නේ. බලන්නකෝ ඔවුන් එන්නේ කොච්චර සවිමත්වද අධිකරණයට. වින්දිතයන්ට ඉන්න වෙලා තියෙනවා බයෙන්.
එතකොට අපි නීතිය ශක්තිමත් කරනවා සේම මේ අපරාධ පස්ලීමේ ක්‍රියාවලිය කොන්දේසි විරහිතව අපි සවිමත් කරන්න අවශ්‍යයි. කාගේවත් ධන බලයට එහෙම නැත්නම් වෙන බලපුවන්කාරකම්වලට නෙවෙයි. නීතිය කටයුතු කරන්න ඕනේ නීතියේ රාමුව තුළ තියෙන ඒ සිද්ධාන්තයට පමණයි කටයුතු කරන්න ඕනේ.''

Latest News
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026