General15 August 2026

අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්

අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ පුද්ගලයින් 12 දෙනෙකු සිට ඇති අතර, ඒ අතරින් 11 දෙනෙකු මේ වනවිට මුදාගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඒ අනුව, මුදාගත් පිරිසෙන් 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

එක් අයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහුව සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related recommendation
Hiru TV News | Programmes