Business16 August 2026

ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී

පැසිෆික් ටූනා තොග කළමනාකරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අනිද්දා (18) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිත බව ජපාන ධීවර නියෝජිතායතනය පවසනවා.

මීට පෙර පැවති සමුළුවේදී නව ධීවර කෝටා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සාකච්ඡාකරුවන් අපොහොසත් වීම හේතුවෙනුයි නැවත මෙම සාකච්ඡා වටය කැඳවා ඇත්තේ.

ජූලි මාසයේ පැවති මුල් සමුළුවේදී, මෙම කෝටා සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මෙක්සිකෝවේ විරුද්ධත්වය හේතුවෙන් විශාල මසුන් සඳහා කෝටා වැඩි කිරීම ඇතුළත් සම්බන්ධීකරණ යෝජනාවක් පිළිබඳව එකඟතාවකට පැමිණීමට එහිදී නොහැකි වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes