General17 August 2026

පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය අද සිට දිනපතා පැවැත්වෙනවා.

නඩුවේ චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්ති වාචිකය කැඳවීම පසුගිය 13 වනදා සිදුකළ අතර, එහිදී චූදිතයින්ට ව්‍යවස්ථාපිතව හිමි සියලු අයිතිවාසිකම් පිළිබඳව ද පහදා දෙනු ලැබුවා.

නඩු වාර්තාව අනුව ඇතැම් චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන්ද කැඳවීමට නියමිතයි.

තවත් චූදිතයින් පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් නමුත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes