සරුංගල් යැවීම දරුවන් අතර මේ දිනවල ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති බැවින් ඒ ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසනවා.
එබැවින් සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව සහ නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සරුංගල් යැවීම විනෝදජනක ක්‍රියාකාරකමක් වුවද, නොසැලකිලිමත් ලෙස සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් දරුවන් ඇතුළු පුද්ගලයන්ට බරපතල හානි මෙන්ම ඇතැම් අවස්ථාවල ජීවිත අවදානමකට පවා මුහුණ දීමට සිදුවන බව එම නිවේදනයේ සඳහන්.
කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී සිදුවන ගැටීම්, වැටීම් මෙන්ම ගොඩනැගිලි හෝ උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් හේතුවෙන් බරපතල තුවාල සිදුවීමේ දැඩි අවදානමක් පවතිනවා.
සරුංගල් යැවීමට භාවිත කරන නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීම හේතුවෙන් විදුලි ධාරාව නූල ඔස්සේ සම්ප්‍රේෂණය වී විදුලි සැර වැදීමෙන් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන අවස්ථා නිරීක්ෂණය වී තිබෙනවා.
විදුලි සැර වැදීමෙන් සිදුවන පිළිස්සුම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි ලෙස හානි සිදුවිය හැකියි.
මෙලෙස හානි වූ කොටස් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම නිසා ශල්‍යකර්ම මගින් එම කොටස් ඉවත් කිරීමට පවා සිදුවන බවයි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වාර්තා කරන්නේ.
මේ අතර අධිබලැති විදුලි රැහැන් සමඟ විදුලි සන්නායකතාව ඇති නූල් ගැටීමෙන් ක්ෂණිකව ජීවිත හානි පවා සිදුවිය හැකි බව රෝහල් අධ්යක්ෂවරයා පෙන්වා දෙනවා.
මේ අනුව අධිබලැති විදුලි රැහැන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංගල් යැවීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ද එකසේ වැදගත් වන බැවින්, සරුංගල් යැවීම හේතුවෙන් සිදුවිය හැකි මෙවැනි භයානක අනතුරු වළක්වා ගැනීමට දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම සමස්ත සමාජයම වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Latest News
අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්
Local
21 August 2026
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක්
Local
21 August 2026
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026