General17 August 2026

කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්

මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් " තොටළඟ පොඩ්ඩි" ලබන 21 යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්  කරන ලද කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා ලෙස උපයාගෙන ඇති බවත් ඒකී දේපල ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අදාලව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

එබැවින් මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අදාලව ඉකුත් (13) දින අත්අඩංගුවට ගත් බවයි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes