රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටි පෙරිය නීලාවණී පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සායින්දමරුදු පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර, පසුව පෙරිය නීලාවණී පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී වාර්තා කර සිටි පොලිස් පරීක්ෂකවරයෙක්.
අද පස්වරු 4.05 ට පමණ පෙරිය නීලාවණී පොලිස් ස්ථානාධිපති කාර්යාලය තුළදී අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම කොමිෂන් සභා නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ නිල ඇඳුම් පෙරිය නීලාවණී පොලිස් ස්ථානයේ උපසේවයට භාරදී ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව කල්මුණේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026