General09 September 2026

"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි

ජනාධිපතිවරයාට ඇති ජන මනාපය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ පැවති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත පිළිබඳ විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය පවසා සිටියේ,

"අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පින්තූරේ කිරිවලින් නාවනවා. අපේ ප්‍රදේශයට ජනාධිපතිතුමා එනකොට මම ඇහෙන් දැකපු දර්ශන තමයි තේ වතු මැද්දෙන් කානු දිගේ පහලට බැහැගෙන බැහැගෙන දුවගෙන රැස්වීමට එන්නේ. ජනාධිපතිතුමාගේ මූණ පොඩ්ඩක් බලන්න. කතාකරන දේ අහන්න. ජනතාව ඒ වගේ උනන්දුවකින් ඉන්නේ" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes