General18 August 2026

රතු නිවේදන නිකුත් කර තිබූ ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු CID අත්අඩංගුවට

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග හෙවත් 'සමිට්පුර චතූ' ඕමානයේ සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එලෙස රැගෙන ඒමෙන් පසු ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම ඇතුළු තවත් බරපතල ගණයේ විවිධ අපරාධ චෝදනා, අත්බෝම්බ ළඟ තබාගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ද ඔහුට එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes