පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඇතුළු විවිධ පාර්ශව විසින් අද (18) දිනයේදීම පෙත්සම් 06ක් ගොනුකර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් භාණ්ඩාගාරික පසිදු සිල්වා හා සහකාර ලේකම්වරයා විසින් මුල්ම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.
එසේම, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබෙනවා.
අදාළ පෙත්සම, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසටද ඔවුන් එමඟින් ඉල්ලා තිබුණා.
අදාළ පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ, මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සහ එහි ව්‍යවස්ථානුකූලභාවය මෙන්ම පවතින ගැටලු පිළිබඳ අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා අදාළ පෙත්සම ගොනු කළ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යූහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බව ද සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
එසේම, මෙම සංශෝධනයට එරෙහිව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීර්ස් ද අද පෙත්සමක් ගොනු කළ අතර එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට ලබා දෙන තාවකාලික ප්‍රතිලාභයක් හෝ දිරිගැන්වීමක් නිර්මාණය කරන බවයි.
මෙම නඩුව විමර්ශනය කිරීම සඳහා සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ පෙත්සම් විනිශ්චය සභාවක් පිහිටුවන ලෙස ද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සම තුළින් ඉල්ලා සිටිනවා.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනු කර තිබුණා.
මෙම 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය සහ තවත් පාර්ශවයක් විසින් ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

Latest News
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම කාලය වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026
ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නම් කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළට
Local
28 August 2026