බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත රැසකින් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
කළක් පුරා පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (18) අපවත් වනවිට 76 වන වියෙහි පසු වුණා.
1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය රඹුකන ග්‍රාමයේ උන්වහන්සේ උපත ලැබුවා.
මොරවක, වැලිව, බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, ලාංකේය ගීත කලාවේ අපූර්ව සටහන් තබන්නේ තමන්ටම ආවේණික රටාවකින් මානව සිත් තුළ අපූර්ව සැදැහැ සිතුවිලි ජනිත කරමින්.
ගුණදාස කපුගේ ශූරීන් ගැයූ පිහිටක් නැති - සරණක් නැති, සද්ධර්ම මකරන්ද ගීතය මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණා.
විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා මෙන්ම බුදු බණ ඇසුවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ලා දළු බෝපත් මෙන්ම වෙහෙරක් වගේ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වනවා.
තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් පන්සලේ - පල්ලියේ, බණ කියන රටක්, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, මේ ඉර හඳ යට, සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, අනුරාධපුරේ අනුරාව නැගූ මෙන්ම, සඳ තරු මල් මට දන් දුන් වැනි ගීත ද දායාද කළා.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026
මහන්සියි කියූ පුතුව කන්ද උඩ තනි කර වැඩිමහල් පුතා එක්ක කඳු නැගි පියා
Local
23 August 2026
අද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
ට්‍රම්ප් පාලනයේ රටවල් 75ක සංක්‍රමණික වීසා තහනම ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අවලංගු කරයි
Local
23 August 2026
TikTok සහ ByteDance ආයතන ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වෙයි
Local
23 August 2026
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026
මහත්මා ගාන්ධීතුමාගේ අත්අකුරින් ලියැවුණු සටහන් 688ක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
Local
23 August 2026
දුරකථනයක් නිසා පවුලක්ම විනාශ වෙයි - කඳුකරයෙන් පහළට වැටී මව්පිය-පුතු තිදෙනාම මිය යයි
Local
23 August 2026
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
23 August 2026