General19 August 2026

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු කැබිනට් අමාත්‍ය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරගේ බිරිද හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දේශානි ගුණරත්න (55) නම් දෙදරු මවක්.

ඔවුන්ට අයත් අළුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (19) උදෑසන මියගොස් තිබෙනවා.

දේහය තණමල්විල ඔවුන්ගේ නිවසට රැගෙන යාමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes