Sports23 August 2026

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩික්කල් (Devdutt Padikkal) ලකුණු 117ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

නායක ශුබ්මන් ගිල් (Shubman Gill) ලකුණු 50ක් ලබාගත් අතර, යශස්වි ජයිස්වාල් (Yashasvi Jaiswal) ලකුණු 45ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes