International19 August 2026

අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතුයි - චීනය

අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

පිලිපීන ධීවරයින්ට නීතිවිරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහාය දක්වමින් පිලිපීනයේ Palawan දූපතේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවට එරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මේ බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරමින් Lin Jian එහිදී පෙන්වා දුන්නේ, අදාළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරන බවයි.

ජාත්‍යන්තර සහයෝගිතාව, කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා එහි රටවල් දායක විය යුතු යැයි චීනය සැමවිටම විශ්වාස කරන බව ඔහු පැවසුවා.

අමෙරිකාව සහ පිලිපීනය අතර සාමාන්‍ය සහයෝගීතාවයකට චීනය විරුද්ධ නොවන, නමුත් එවැන්නක් කිසිදු තෙවන පාර්ශ්වයක අවශ්‍යතා ඉලක්ක කිරීම හෝ ඊට හානි කිරීම සිදු නොකළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes