අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම සියලුම මගීන් ද ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීමේ නීතිය ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින්වර ක්‍රියාත්මක කිරීම කල්දැමුණු බැවින් නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් සිදුනොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පවසනවා.
සභාපතිවරයා මේ බව පැවසුවේ, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියැදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන බඳ පටි පැළදීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (19) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ‘මගනැගුම මහමැදුර’ මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
නිෂ්පාදකයන් විසින් වාහනවල මැද ආසන සහ පසුපස ආසනවල ආරක්ෂිත පටි සකස් කර නොමැති වාහනවල ඒවා විධිමත්ව සකස්කර ගැනීමට සහන කාලයක් ලබාදුන් බව සභාපතිවරයා මෙහිදී පැවසුවා.
මෙම සහන කාලසීමාව ඉකුත් ජූනි මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනද විවිධ පාර්ශ්වවලින් ලද ඉල්ලීම් මත සහ විධිමත් ආරක්ෂිත ආසන පටි සවිකර ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දින දක්වා කාලය දීර්ඝ කෙරුණා.
එමනිසා තවදුරටත් එම කාලසීමාව දීර්ඝ නොකරන අතර ලබන 19 වැනිදා සිට මෙම නීතිය පිලිනොපදින සියලුදෙනා දඩයකට යටත් වන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ලබන සැප්තැම්බර් මස 19 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන් පමණක් නොව සියලුම මගීන් මෙම නීතියට යටත්වන අතර, එය කඩකරන්නේ නම් මගියාට ද දඩ මුදල් නියම කෙරෙනු ඇති.
එැළඹෙන 19 වන දින සිට අධිවේගී මාර්ගයට ඇතුලු කරන සියලුම රියැදුරන් සහ මගීන් ආසන පටි පැළඳ ඇත්දැයි පොලිසිය විසින් පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන බවයි වර්තා වන්නේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්ම යටතේ ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර, එහි තවත් පියවරක් ක්‍රියාත්මක කරමින් මෙම නීතිය බලාත්මක කිරීම සිදුකෙරෙනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේමෙමගින් අපේක්ෂා කරන්නේ වසරකට සිදුවන 2,500 කට අධික ජීවිත හානි සහ දේපළ හානි අවම කර ප්‍රවාහනයේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසියේ මාර්ග ආරක්ෂාව, රථවාහන හා පාලන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග වෛද්‍ය නරේන්ද්‍ර පිංතු ඇතුළු මාර්ග ආරක්ෂාව පිළිබඳ විෂය පථයට අදාල විශේෂඥයින් පිරිසක් එක්ව සිටියා.
Latest News
මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති
Local
21 August 2026
වී මිලදී ගැනීමට මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්මත වෙයි
Local
21 August 2026
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට
Local
21 August 2026
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026