General19 August 2026

දෙහිවල සත්වෝද්‍යානයේ එකම ජිරාෆ් සත්වයා මියයයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම සත්ත්වයා මියයන විට වයස අවුරුදු තිහකට පමණ ආසන්න වන බවයි.

ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වසර 20–25ක් පමණ වන අතර, මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් සත්වයා මෙම සත්වයා වන අතර ඒ අනුව ලබන මාස දෙක ඇතුළත කෙන්යාවෙන් ජිරාෆ් සත්ව යුවල 02 ක් මෙරටට ලැබීමට නියමිත බවයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes