බෝර 12 පතුරම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත 'ගල්කටස්' වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අම්බලන්තොට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අම්බලන්තොට, කරඹගල්මුල්ල සෆාරි උද්‍යානය ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සැකකටයුතු ලෙස හැසිරුණු මෙම තරුණයා පරීක්ෂාවට ලක්කර තිබුණා.
එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගිනිඅවියක ඡායාරූපයක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අනතුරුව සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව සූරියවැව, වෙනිවැල්ආර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ අල්මාරියක සඟවා තිබූ අදාල ගිනිඅවිය පොලිස් භාරයට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා සූරියවැව, වෙනිවැල්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මෙම ගිනිඅවිය ලබාගත් ආකාරය සහ එය ළඟ තබා ගැනීමට හේතුව සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක්
Local
21 August 2026
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටෙයි: අනතුරෙන් 5ක් මරුට
Local
21 August 2026