International21 August 2026

සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කළ බවට ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

එම සංවිධානය සඳහන් කර ඇත්තේ, නජ්රාන් ගුවන් තොටුපළේ ඉලක්කයක් සහ නජ්රාන් ප්‍රදේශයේ පිහිටි ඇරම්කෝ පහසුකම ඉලක්ක කර මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.

ප්‍රහාරවලින් සිදුවූ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන්ද මේ වනවිට නිල තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes