General19 August 2026

බෝවතැන්න ජලාශයේ නඩත්තුවක්: 24 දා සිට ජලය ඉවත් කෙරේ

කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 24 වැනිදා සිට එම ජලාශයේ ජලය ඉවත් කිරීම සිදු කෙරෙනවා.

ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් කියා සිටියේ, ජලාශයේ රොන්මඩ ඉවත් කිරීම සඳහා මෙලෙස ජලය ඉවත් කරන බවයි.

මෙම ජලාශය වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගනිමින් නඩත්තු කටයුතු සිදුකරන බවත් දැනට ජලාශයේ ජලය ඝන මිටර් එකොළහ දක්වා පහත වැටී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර සති තුනක කාලයක් අවශ්‍ය නඩත්තු කටයුතු සිදුකර ලබන මස 14 වැනිදා ජලාශය යළි පුරවන බවයි ඔහු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes