General20 August 2026

අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන මෝහිණි ඇළට පෙරළීමෙන් අනතුරක් සිදු වී ඇති බව නල්ලතන්නි පොලිසිය පවසනවා.

වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රී 11:00ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සදහා යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර,එහිදි පොලිස් නිළධාරින් එම පිරිස හමුවේ කියා ඇත්තේ පවතින අයහපත් කාලගුණයත් සමග රාත්‍රීයේ සංචාරය කිරිම සුදුසු නොවන නිසා ඒ සදහා අද (20) දින උදෑසන පැමිණෙන ලෙසයි.

පොලිසියේ උපදෙස් පිළිගත් එම පිරිස නාවාතැනක් සොයා ගැනීම සදහාආපසු මෝටර් රථයෙන් යන අතරතුර රාත්‍රී 12:00ට පමණ මෝහිණි ඇල්ල ප්‍රදේශය් මාර්ගයෙන් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත්, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වුවත් අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes