International20 August 2026

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ෆ්ලොරස් (Flores) ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

යුරෝපා-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) සඳහන් කර ඇත්තේ අද (20) මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් භූ කම්පනය සිදුව ඇති බවද EMSC වාර්තා කර තිබෙනවා.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
Related recommendation
Hiru TV News | Programmes